දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව සඳහන්.
අද පෙරවරු 9.30 ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.
ඒ අනුව අද දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතව ඇති අතර ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්රය නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.