Education

ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධ අවසන් තීරණය අද !

මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) උදෑසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වීමත් සමග ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බවට තීරණය කර ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ දැනට අත්හිටුවා ඇති පිළිතුරු පත්‍ර පරීක්ෂා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටු කිහිපයක් පත් කළ අතර එම පරීක්ෂණ කණ්ඩායම්වල අවසන් තීරණය වී ඇත්තේ විභාගයට පෙර පිටවී ඇත්තේ ප්‍රශ්න 03ක් පමණක් බවයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කළේය. 

එහෙත් දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු පවත්වමින් සහ උද්ඝෝෂණ පවත්වමින් සදහන් කළේ සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බවය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එම දෙමව්පියන් සාකච්ඡා කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබීය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago