Local

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි – තිදෙනෙක් ජීවිතක්ෂයට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් පීඩාවට පත්ව තිබෙනවා.

ජල පහරට හසුව කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවටයි වාර්තා වන්නේ.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලයි.ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 200,67කට අයත් පුද්ගලයින් 80,529ක් පීඩාවට පත්ව සිටින අතර,කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,904 කට අයත් පුද්ගලයින් 40,231 ක් පීඩාවට පත්ව තිබෙනවා.

ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ද එම මධ්‍යස්ථානය සදහන් කළා.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පුර්ණයෙන් ම විනාශ වී ඇති බව වාර්තා වනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago