හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9 ක්.
ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.
කිසිඳු විශේෂත්වයකින් තොරව, රාජ්‍ය චක්‍රලේඛනවලට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව එම මණ්ඩලය පැවසුවා.