Local

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ඉදිරිපත් කිරීම අදින් අවසන් !

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය, අදින් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වන බවයි.

මේ වන විට වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 20 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, දින 21 ක් ඇතුළත ආදායම් – වියදම් වාර්තා ලබා දිය යුතු වනවා. එම වාර්තා භාරදිය යුත්තේ, පිළිගත් දේශපාලන පක්ෂය හෝ, වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නම් කළ ඡන්ද හිමියා විසින්.

එම වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොමිසම පවසනවා.

එහිදී අදාළ අපේක්ෂකයා අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත්, ඔහුගේ ඡන්ද අයිතිය සහ අසුන අහිමි වනු ඇති අටහ්‍රා රුපියල් ලක්ෂයක දඩ මුදලක් එවැනි පුද්ගලයෙකුට නියම කරනු ලබන බවයි වාර්තා වන්නේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago