විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශනයක් අරඹා තිබෙනවා.
එම මූල්‍ය ආයතනවලින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා ලබාගැනීම පළමු මෙහෙයුම බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
විදේශයන්හි මුදල් තැන්පත් කරන ක්‍රමවේද සම්බන්ධයෙන්ද මේ දිනවල විශේෂ අධ්‍යයනයක් කරගෙන යන බවද බුද්ධි අංශ සඳහන් කරනවා.
මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බව පවසන එම ආරංචි මාර්ග යමකු ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කරනවා.
දේශපාලනඥයන් ඇතුළු විවිධ පිරිස් විදේශයන්හි සඟවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැම් වේදිකාවල නිතර සඳහන් වුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…