Local

රාජපක්ෂ පවුල වසර 88 කට පසු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හැලේ !

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම විශේෂත්වයක්.

මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා තරග වදින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කණ්ඩායමේ නායකත්වයෙන් හිටපු විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක මහතා නාමයෝජනා බාර දුන්නා.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඩී.එම්.රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය ආරම්භ කර අතර ඉන්පසු ඩී.ඒ.රාජපක්ෂ ,ලක්ෂ්මන් රාජපක්ෂ ,ජෝර්ජ් රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ ,නිරූපමා රාජපක්ෂ සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයන් ලෙස වරින්වර ඉදිරිපත් වුණා.

හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවද ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු නොවේ.

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස නම් කර තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago