Local

මහින්ද සහ නාමල් මෙවර මහ මැතිවරණය අත්හරී !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙසින් ඉදිරිපත් වූ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ 2024 මහ මැතිවරණය සඳහා තරග නොකරන බව පක්ෂයේ විශ්වසනීය මුලාශ්‍රයක් සඳහන් කළ බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මැතිවරණය සඳහා මෙතෙක් නාම යෝජනා භාර දී නොමැති අතර ඔහු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඒ අනුව, මෙවර මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්ක කණ්ඩායම් නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

මෙවර මහ මැතිවරණය පක්ෂයක් වශයෙන් ඉතා තීරණාත්මක බැවින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එක් දිස්ත්‍රික්කයට සීමා කිරීම සිදු නොකළ යුතු යැයි පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා විධායක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2024 මහ මැතිවරණය සඳහා නාමල් රාජපක්ෂ ඉදිරිපත් නොවන බව ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් පැවසූ බව වාර්තා වනවා

මව්බිම

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago