පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද (08) සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේදී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද සුසිරිගම අංක 113 ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියෙකු වන 53 වියැති ඩබ්ලිව්.ඩී.ජී. අනුර විජේසිංහ යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ඔහු රාජකාරිය අවසන් කිරීම සඳහා රිපිටර් වර්ගයේ ගිනි අවියේ සිර වී තිබු පතුරමක් ඉවත් කිරීම සඳහා බට කොටස බිම ගසා තිබෙන අතර එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වී ආරක්ෂකයාගේ පපු ප්‍රදේශයට වැදී තිබෙනවා.
ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක පැවසුවා.
මේ සම්බන්ධන් අදාළ රාජ්‍ය බැංකුව පාර්ශවයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…