හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබුවා.
‘පෙරළියක ඇරඹුම’ එම සන්ධානයේ මැතිවරණ තේමාවයි.
දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විස්සකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග එහිදී ගිවිසුම් ගතව තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති සහ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක ලෙස ව්‍යවසායක මොහාන් පෙරේරා මහතා පත් කරනු ලැබ සිටිනවා.
මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ ආචාර්ය සුරේෂ් ගංගාදරන් මහතාය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ වෙබ් අඩවිය (www.DNA.lk) එළිදැක්වීමද එහිදී සිදුවුණා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතා පැවසුවේ ආගම් ජාති කුල බේද වලින් තොරව නව දේශපාලන පෙරළියක් වෙනුවෙන් මෙම සන්ධානය පිහිටුවන බවයි.
රටේ උද්ගතව ඇති ආර්ථික සමාජීය හා දේශපාලනික ගැටලුවලට පිළියම් සඳහා නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව මතුව ඇතැයිද ඔහු සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…