Local

නුවර එළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් !

150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අද (09) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් පැවැත්වුණා. එම උත්සවයට සහභාගී වූ අමාත්‍ය විජිත හේරත් එහිදී පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ නුවර එළිය තැපැල් කාර්යාලය පිළිබඳව ද අදහස් දැක්වූවා.

වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බවත් නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවත් අමාත්‍ය විජිත හේරත් එම අවස්ථාවේදී සඳහන් කලා.

අමාත්‍ය විජිත හේරත් මහතා,

“නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා.”

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වුණි.   

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago