විෂ කාරක පොල්තෙල් (ලූස් පොල්තෙල් ) වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ තුෂාර විජේසිංහ සහ එස්.කේ.බී ජයවීර යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වුණා.
මේ හේතුවෙන් නිෂ්පාදකයා ගැන සඳහන් ලේබලයක් සහිත පොල්තෙල් මිලදී ගන්නා ලෙස ජනතාවගේ ඉල්ලීමක් කරන බව සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළේය.
ආනයනික පොල්තෙල් ගුණාත්මක බවින් ඉහළ බවට මහජන සෞඛ්‍ය ප්‍රධානියකු වැරදි ප්‍රකාශයක් කර ඇති බවත් ඔහුගේ එම ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු වැරදි එකක් බවත් ඔහු සඳහන් කළේය.
කෘතිමව පිරිපහදු කළ පාවිච්චි කළ තෙල්වල බැරලෝහ අන්තර්ගත වන බවත් මේවා පාවිච්චි කිරීමෙන් බෝ නොවන රෝග වැළඳෙන්නේ යයි සොයාගෙන ඇති බවත් බුද්ධිකද සිල්වා මහතා පැවසීය.
නිසි විද්‍යාත්මක පරීක්ෂාවක් කෙරී නැති තත්ත්වයක් යටතේ ආනයනික පොල්තෙල් හොඳ යයි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…