ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒ බව පවසා සිටියා.
ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණය එනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂය අපි සහයෝගය දක්වන්නේ මාලිමාවට. අපේ පක්ෂය තරග කරනවා. තරග කරන්නේ ජාතික ජන බලවේගයට සහයෝගය පළකරමින්. අපි උත්සාහ කළා ජාතික ජන බලවේගය එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන එකට මේ ඡන්දයේදී තරගයට ඉදිරිපත් වෙන්න, ජනාධිපතිවරණයේදී පවා එබඳු සමීපකමක් ඇති කරන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒක ජාතික ජනබලවේගයේ යම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වෙනම තරග කරනවා. වෙනම තරගකරත් අපේ සහයෝගය අපි ජාතික ජන බලවේගයට ලබාදෙනවා. අපේ අනුගාමිකයින්ට අපි කියා සිටිනවා අපිට දෙන ඡන්දයත් ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක් බව.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
මාලිමාවට කුණු වෙච්චි වට්ටක්කා ඕනි නෑ.....😂😂😂😂😂