Local

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවයි !

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව පසුගිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ ”විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය” හා “ජාතික ජන සභා ලේකම් කාර්යාලය” සහ “කෘෂි කර්ම නවීකරණ වැඩසටහන” ක්‍රියාත්මකවීම අත්හිටුවා ඇත.

ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපනය කර තිබුණේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා වන අතර එම ව්‍යාපෘතීන් සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරින්/උපදේශකයින් පත් කරනු ලැබී ඇත.

කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ එම කාර්යාල සහ වැඩසටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරින්ගේ/උපදේශකයින්ගේ සේවය සැප්තැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම පිණිස පියවර ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දුන් බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago