දේශපාලනඥයන්, රාජ්‍ය නිළධාරීන් සහ හමුදා නිළධාරීන් ඇතුළුව පුද්ගලයන් හත් දෙනෙකුට අයත් දේපළ අත්හිටුවීමට අදාල නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
අදාල පුද්ගලයන් හත් දෙනා, ඔවුන්ගේ වැටුපෙන් උපයාගත නොහැකි ආකාරයේ දැවැන්ත ධනයක් උපයාගෙන ඇති බව පවසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ඒ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව එම පුවත්පත පෙන්වාදෙනවා.
ඔවුන් උපයාගෙන ඇති ධනය, පවුලෙන් හෝ සමීප ඥාතීන්ගෙන් උරුම වුණු බවට මෙම පුද්ගලයන් පැවසූවද, දැනට සිදු කරන තිබෙන විමර්ශනවලට අනුව එය පිළිගත නොහැකි බව කොමිසම පවසයි.
මෙම පුද්ගලයන් හත් දෙනාට අමතරව, වත්කම් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වූ පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙකුට එරෙහිව, අල්ලස් කොමිසම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.
කුරුදුවත්තෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් ඇමති රියැදුරෙකු සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම විමර්ශන අරඹා තිබෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සිදුවන පරීක්ෂණ මීට අමතරව සිදු වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…