කොළඹ පිහිටි නෙලුම් කුළුණේ නැරඹුම් පිඨිකාවෙන් පැන පාසල් සිසුවියක් අද(7) සිය දිවි නසාගෙන තිබෙනවා.
කුරුදුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක 15 වියැති සිසුවියක් මෙලෙස සියදිවි නසාගෙන ඇත.
මෙහි විශේෂත්වය වන්නේ කොම්පඤ්ඤවීදියේ ඇලවෙන කුළුනෙන් පසුගිය ජුලි 02 දා පැන සියදිවි හානිකරගත් සිසු දෙපලගේ හොදම මිතුරිය මෙලෙස සිය දිවි හානිකරගෙන තිබීම ය.
එම මරණ ගැන මෙම සිසුවිය සිට ඇත්තේ කලකිරීමකින් බවත් තුන් මස පිංකමෙන් අනතුරුව ඇය මෙසේ සියදිවි හානිකරගෙන ඇති බවත් දැනගන්නට ඇත.
ඇය පාසල් ඇදුම පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇදුමක් හැඳ තනිවම නෙළුම් කුළුණට ගොස් ඇති බව වාර්තා වනවා.
ටිකට් පතක් රැගෙන නැරඹුම් පිඨිකාව වෙත ගොස් ඇති ඇය සිය බෑගය පසෙක තබා පාවහන් ගලවා එහි පිඨිකාව මතට නැගි පහලට පැන ඇති බව මුලික විමර්ශනවලදි දැනගැනිමට ලැබි ඇත.
කොල්ලුපිටියේ පදිංචි ඇයගේ පියා ව්‍යාපාරිකයෙකි. මියගොස් ඇත්තේ රත්ද්යා ගුණසේකර නමැති 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.
නැරඹුම් ස්ථානය පිහිටා ඇත්තේ 29 මහලේ ය.
උඩ සිට පැන ඇති ඇය ඉහළ සිට 03 වැනි මහලට වැටි ඇත්තේ දරුණු ලෙස තුවාල ලබමිනි. මීටර් 250ක් විතර ඉහළක සිට මෙලෙස වැටි ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…