Political

BRICS සමුළුවට එන්න – අනුරට පුටින්ගෙන් පුද්ගලික ඇරයුමක්!

ආර්ථික සහයෝගිතාව වෙනුවෙන් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව පිහිටුවාගත් BRICS සංවිධානයේ මීළඟ සමුළුව ඔක්තෝම්බර් 22 සිට 24 දක්වා රුසියාවේ කාසන් නුවරදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත්, පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නියැළෙන බැවින් ජාතික ජන බලවේගයේ දේශපාලන නායකත්වයේ කිසිවකුත් සමුළුවට සහභාගි නොවනු ඇති බව වාර්තා වේ.

උතුරු අමෙරිකාවේ සහ බටහිර යුරෝපයේ ආර්ථික වශයෙන් ධනවත් රටවල දේශපාලන හා ආර්ථික බලයට අභියෝග කිරීම සඳහා ආර්ථික වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් එක්සත් කිරීම වෙනුවෙන් BRICS පිහිටුවන ලදී.

2024 BRICS සමුළුවේ මුලසුන දරනු ලබන්නේ රුසියාවයි.

ඊට සහභාගි වන ලෙස රුසියානු තානාපති Levan S. Dzhagaryan විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනා කර ඇත. හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය BRICS හි සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට නිර්දේශ කර තිබූ අතර එම සාමාජිකත්වය ශ්‍රී ලංකාව තවමත් බලාපොරොත්තුවෙන් සිටී. BRICS හි නව සාමාජික රටවල් වන්නේ ඊජිප්තුව, ඉරානය, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

2 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago