හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඔහු දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
අද වන විට දේශපාලනය තුළ ඇති වී තිබෙන අවාසිදායක තත්ත්වයත් සෞඛ්‍ය තත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් ඔහු මෙම තීරණය ගෙන ඇත.
සාම්ප්‍රදායික දේශපාලනයට එල්ල වී ඇති විවේචනයන් ද මේ සඳහා බලපා ඇති බව ද දැනගන්නට තිබේ.
මෙරට පැවති යුද්ධය අවසන් කිරීමට අවශ්‍යය දේශපාලන නායකත්වය ලබාදීම, ආර්ථික වර්ධන වේගය 7.6% ක් දක්වා ගෙන ඒම, දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය කිරීම ඔහුගේ ජනාදිපති ධුර කාලය ඇතුලත සිදු කිරීමට සමත් විය.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ සමයේ සිදු කරනු ලැබූ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දැඩි විවේචන ද එල්ලවී තිබේ.
පසුගිය රාජපක්ෂ පාලන සමය තුලදී සිදුවූ ආර්ථික කඩා වැටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි පසුගිය (නොවැම්බර් 14 වැනිදා) තීන්දුවක් ලබා දුන්නේය.
මහින්ද රාජපක්ෂ 2005 වර්ෂයේ සිට 2015 දක්වා ධූර කාලයන් දෙකක් මෙරට විධායක ජනපතිවරයා ලෙස කටයුතු කළේ ය.
ඉන් අනතුරුව 2019 වර්ෂයේ ජනාධිපති ලෙස කටයුතු කළ ගෝ රාජපක්ෂගේ සමයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…