ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගෙන තිබුණා.
අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර ජය ශ්‍රී මහා බෝ මළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේදී අටමස්ථානාධිපති හිමියන්, ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරනු ලැබුවා.
අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක හිමි, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කහල්ලේ ඥානින්ද හිමි, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමි, අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි හිමි, ඓතිහාසික ඉසුරුමුණි රාජමහා විහාරාධිපති පූජ්‍ය මතව සුමංගල හිමි, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර තිබුණා.
මෙහිදී කෙටි අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ රට, ජාතිය, ආගම සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කර මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වගකීම ජනාධිපතිවරයාගේ දෙවුර මත පැටවී තිබෙන බවයි.
එසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
එම කටයුතු සාර්ථකව ඉටු කිරීමට මහා විහාරයේ භික්ෂුන් වහන්සේ ලෙස ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරන බව අටමස්ථානාධිපති හිමියන් සඳහන් කළහ.
එමෙන්ම මෙරට පවතින දේශපාලන මඩ ගොහොරුව සිහි බුද්ධිය ඇති ප්‍රඤ්ඥාසම්පන්න අයෙකුට
හැසිරීමට සුදුසු භූමියක් නොවන බවද සඳහන් කළ උන්වහන්සේ යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කිරීමට නව ජනාධිපතිවරයාට හැකිවනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාස කරන බවද සඳහන් කළහ.
රටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, නව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගනිමින් යහපත් දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළහැකි නම් එය ඉතා වටිනා කාර්යයක් බවත් අටමස්ථානාධිපති හිමියන් පෙන්වා දුන්හ.
අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක්වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ උප සභාපති සුසන්ත නවරත්න, මහාචාර්ය සේන නානායක්කාර යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවන්ට සහභාගි වූහ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…