Political

අනුර, සජිත්, රනිල්, දිලිත් ඇතුළු 34ක් මෙතෙක් ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නෑ – ඉවසන්නේ තව සතියයි, මැ.කො නිවේදනය කර​යි!

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් 34 දෙනෙකු තවමත් සිය ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව ජාතික මැතිවරණ කොමිසම අනාවරණ කර තිබේ.

මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් කොමිෂන් සභාව විසින් නියම කර ඇති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කර ඇත්තේ හතර දෙනෙක් පමණක් බව එම කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

මේ වනවිට සිය වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ හිටපු අමාත්‍ය සහ ජනාධිපති අපේක්ෂක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය නියෝජනය කර තරග කළ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක පේමසිරි මානගේ සහ කේ.ආනන්ද කුලතිලක පමණක් බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියට අනුව සියලුම අපේක්ෂකයින් ඔක්තෝබර් 13 වැනිදාට පෙර සිය මූල්‍ය හෙළිදරව් කිරීම් ඉදිරිපත් කළ යුතු බව කොමිසම නියෝග කර ඇත. ඒ සඳහා තව ඇත්තේ සතියක කාලයක් පමණි.

මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් දැනට විධායක ජනාධිපති ධූරය හොබවන ජාතික ජන බලවේගය, සිලින්ඩරයෙන් තරග වැදුන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර ඇතුළු විශාලම මැතිවරණ ප්‍රචාරක වියදම් දැරූ ප්‍රධානම අපේක්ෂක කණ්ඩායම වේ.

කොමිෂන් සභාව විසින් අවධාරණය කරන්නේ මෙම නිශ්චි​ත දිනයට පෙර ප්‍රචාරක වියදම් වාර්තා ලබා නුදුන් සියලුම දෙනාට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago