Local

යෝෂිත, ජොන්ස්ටන් සහ සේනාධිපති රජයේ ආයුධ තොග පිටින් අරන් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ සමීපතමයෙකු වන මේජර් නිශ්ශංක සේනාධිපතිට පසුගිය රජය විසින් ආයුධ තොග වශයෙන් ලබා දී ඇති බව අනාවරණය වනවා.

මෙම අවි හැකි ඉක්මනින් ආපසු භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇති බව ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තා කර තිබෙනවා.

හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන යෝෂිත රාජපක්ෂ විසින් මිලිමීටර් 9 පිස්තෝල 6ක් ඇතුළු ගිනි අවි 7ක් රැගෙන ගොස් ඇති අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මිලිමීටර් 9 පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ලෙස ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන තිබෙනවා. මේ අතර ඇවන්ගාඩ් නැමැති සමුද්‍ර ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යන නිශ්ශංක සේනාධිපතිට පිස්තෝල 7ක් (මි.මී. 9) සහ බෝර රිපීටර් 2ක් ලෙස ආයුධ 09ක් ලබා දී ඇතැයිඑම පුවත්පත සඳහන් කරනවා.

තනතුර අතහැර පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පසුගිය රජය රට පුරා පුද්ගලයින් 1,500 කට ආයුධ 1,690 ක් නිකුත් කළා. මෙම සියලු පුද්ගලයින්ට නොවැම්බර් 7 වනදා වන විට ආයුධ ආපසු ලබා දෙන ලෙස දන්වා ඇති අතර, ඊට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago