News

T20 කාන්තා ලෝක කුසලානය අදින් ඇරඹෙයි – ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟ බිමට, තරගාවලිය නරඹන්නේ මෙහෙමයි!

අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අ​ද (3) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වනවා.

පළමු දිනයේ දී තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, එහිදී මෙවර තරගාවලියේ නිල සත්කාරක අයිතිය හිමි බංග්ලාදේශය, ස්කොට්ලන්තයට එරෙහිව සාජා හී දී තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි තරගය ද හෙට පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ පාකිස්තානයට එරෙහිවයි.

පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 3:30 ට ද, දෙවැනි තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7:30 ට ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් ක්‍රීඩා කළ අතර, එහිදී පිළිවෙලින් බංග්ලාදේශය හා ස්කොට්ලන්තය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට රටවල් 10 ක් එක්වනවා. දින 18 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 23 ක් ඇතුළත්. ඩුබායි හා සාජා හී දී සියලු තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය මෙවරත් හිමිව ඇත්තේ Star Sports මාධ්‍ය ජාලයටයි.

තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස TV මාධ්‍ය ජාලයට හිමිව ඇති අතර, ඒ අනුව තරගාවලිය TV1 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි. තරගාවලිය www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ද සජීවීව නැරඹීමට අවස්ථාව හිමිවනවා.

​‍රටවල් කාණ්ඩ ගත කර ඇති අයුරු –

  • Group A: Australia, India, New Zealand, Pakistan, Sri Lanka
  • Group B: South Africa, England, West Indies, Bangladesh, Scotland​‍


ශ්‍රී ලංකා තරග කාලසටහන –

  • 3 October, Thursday, Pakistan v Sri Lanka, Sharjah, 7:30 PM
  • 5 October, Saturday, Australia v Sri Lanka, Sharjah, 7:30 PM
  • 9 October, Wednesday, India v Sri Lanka, Dubai, 7:30 PM
  • 12 October, Saturday, New Zealand v Sri Lanka, Sharjah, 3:30 PM
තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago