දෘශ්‍යාබාධිත දරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් නිෂ්පාදිත විශේෂිත බ්‍රේල් ලේබලයක් ඇතුළත් විශේෂිත පානීය ජල බෝතල් හදුන්වා දීමක් පසුගියදා ශ්‍රී ලංකාවේ සැමරූ ලෝක ළමා දින වැඩසටහනක දී සිදු වුණා.
කොළඹ විහාරමහාදේවී සතුටු උයන පරිශ්‍රයේ දී ඉකුත් 01වැනිදා ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති සැමරුම් උත්සවයේ දී රත්මලාන අන්ධ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් එම ජල බෝතල් භාර දීම සිදු වුණා.
කාගිල්ස් කිට්ස් සන්නමය යටතේ නකල්ස් පිරිසිදු පානීය වීදුරු ජලබෝතල් මෙහිදී බෙදා දීම සිදු කරනු ලැබුවා.
මෙම ළමා දින සැමරුමේ විශේෂත්වය වූයේ රත්මලාන අන්ධ විද්‍යාලයේ දරුවන් ප්‍රධාන ආරාධිතයින් වීමය. අන්ධ විද්‍යාලයේ දරුවන් 80දෙනෙකු පමණ එහි විදුහල්පතිතුමිය සමග මේ අවස්ථාවට එක්ව ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කළා.
එසේම අඟහරුවාදා දවස පුරා පැවැති ළමා දින සැමරුම් වැඩසටහන සදහා බස්නාහිර පළාත ආවරණය වන පරිදි පෙර පාසල් 30කට අධික සංඛ්‍යාවක දරුවන් එක්වෙමින් ඔවුන්ගේ නිර්මාණශීලි කලා අංගයන් ඉදිරිපත් කළේය. කාගිල්ස් අනුග්‍රහයෙන් පැවැති මෙම ළමා දින වැඩසටහනේ දී විවිධ තරඟ ඉසව් රැසක් ද පොඩිත්තන් වෙනුවෙන් සංවිධාන කර තිබූ අතර දරුවන්ට දවස පුරා තෑගි දිනාගැනීමට අවස්ථාවන් රැසක් ද පැවැත්වුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…