Political

හිටපු ජනපති රනිල් ගොඩනගන සජිත්ගෙන් තොර සන්ධානය ලෑස්තියි – වැඩිදෙනා මනාප සලකුණ සිලින්ඩරය!

සමගි ජන බලවේගය සමග සන්ධානගත වීමේ සියලුම අවකාශ මගහැරී ඇති බැවින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සහ තමන් සමග වසර දෙකක් තිස්සේ දේශපාලනය කළ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායම සමග සිලින්ඩරය ලකුණින් සන්ධානගත වීමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඊයේ (02) රැස්වුන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මේ පිළබඳ ගැඹුරින් සාකච්ඡා කර ඇති අතර බොහෝ දෙනෙකුගේ යෝජනාව වී ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලියා ලකුණින් ගොඩ නගා ගන්නා සන්ධානයක් සමග තරග වැදීම සුදුසු බවය.

එහෙත් එහිදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ තමන් අවුරුද්දකට වැඩි කාලයක් තමන් විශ්වාස කළ කණ්ඩායමක් සමග වැඩ කළ බවත්, ඔවුන්ගේ අදහස් විමසා ඊට ගරු නොකර වෙනත් ගමනක් යෑම යුක්ති සහගත නොවන බැවින් ඔවුන් සමග ද පක්ෂ ලාංඡනය පිළිබඳ සාකච්ඡාවක් කර මේ දේශපාලන සන්ධානයට ඔවුන්ද එක් කරගත යුතු බවය.

සිලින්ඩරය ලකුණු යම් අවිනිශ්චිතාවයක් ඇති වුවහොත් තරග කිරිම සඳහා අලියා ලකුණ විකල්පයක් ලෙස පවතිනු ඇති බව ද එම ආරංචි මාර්ග පැවසුවේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago