Foreign

පුද්ගලයින් 9 දෙනෙක් අවසන් ගමන් යැවූ තායිවාන රෝහලේ ඛේදවාචකය !

දකුණු තායිවානයේ රෝහලක රාත්‍රී 9.40ට පමණ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් රාත්‍රී 09:40 ට පමණ ගින්න හටගෙන ඇති බව සඳහන්.

ගින්නට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතින බව සඳහන් වන නමුත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගත් බව මූලික විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවයි ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ.

ගින්න නිවා දැමීම සඳහා පැය තුනකට වැඩි කාලයක් ගතව ඇති අතර සුළං සහිත කාලගුණය එය වඩාත් තීව්‍ර කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ගින්න ආරම්භයේදී ම රෝහල් කාර්‍ය මණ්ඩලය සහ අසල පිහිටි හමුදා කඳවුරක සෙබළුන් වහාම ක්‍රියාත්මක වී රෝගීන් 300 ක් පමණ ඉවත් කරගැනීමට කටයුතු කළ බවත් සඳහන්.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago