Political

රන්ජන් ජනපතිගෙන් ඉල්ලීමක් කිරීමට සූදානමින් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක ජනපති අනුර හමු වී විශේෂ ආයාචනාවක් සිදු කරන බව පසුගියදා දන්වා තිබුණා.

ඒ අනූව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතව සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 වසරේදී කොන්දේසි සහිත සමාවක් දුන් තමන්ට පූර්ණ සමාව ලබාදී තම ප්‍රජා අයිතිය නැවත ලබා දෙන ලෙස රන්ජන් රාමනායක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරන බව පවසා තිබුණා.

“මගේ ප්‍රජා අයිතිය නැවත ලබාදෙන ලෙස ඉල්ලා මම නුදුරේදීම වත්මන් ජනාධිපති දිසානායකට ආයාචනයක් කරනවා. හිටපු ජනාධිපතිතුමා මට සමාව දුන්නා. එහෙත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධා කරමින් මගේ කට වසා තිබෙනවා. මගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් මම නව ජනාධිපතිවරයාට අලුත් ආයාචනයක් කරනවා. කිසිම අපරාධයකට මාව හිරේට යවපු නැති නිසා මට ඒක ලැබෙයි කියලා හිතෙනවා,” යනුවෙන් පහු ප්‍රකාශ කර තිබේ.

2017 අගෝස්තු මාසයේ අරලියගහ මන්දිරයෙන් පිටතදී තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 අගෝස්තු 25 වැනි දින අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් රාමනායක, තමාගේ ප්‍රකාශය අගවිනිසුරුට සහ සමස්ත අධිකරණයට මුළුමනින්ම අවඥාවක් බව පිළිගත්තේය.

රාමනායක සිය දිවුරුම් ප්‍රකාශයෙන් සමස්ත අධිකරණයෙන් ද දැඩි ලෙස සමාව ඉල්ලා සිටියේය.

තවද, 2017 අගෝස්තු 21 වැනි දින තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයෙන් පිටතදී කළ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටි ඔහු, නැවත කිසි දිනෙක තම මුළු ජීවිත කාලය තුළම එවැනි දෙයක් නොකරන බවට සහතිකයක් ද ලබා දුන්නේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

2 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago