පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
පාර්ලිමේන්තුව පසුගිය 24 වැනිදා විසුරුවා හැරි හෙයින් එදින දක්වා ගණනය කර මන්ත්‍රී දීමනාව ගෙවීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසනවා.
මීට පෙර එවැනි හිඟ බිල්පත් ඉදිරි මාසවලින් හෝ පියවා ගැනීමට හැකියාව තිබූ හෙයින් මාසික දීමනාව ගෙවීම ප්‍රමාදයකින් තොරව කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
මෙය මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍යවී ඇතැයි ද ඔහු සඳහන් කළා.
පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර ඇත.
සාමාන්‍යයෙන් මන්ත්‍රී දීමනාව මීට පෙර සෑම මසකම 27 වැනිදා වනවිට ගෙවා අවසන් කර තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…