Local

පාසල් සිසුවියක් සහ සිසුන් 5ක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ සැකකරුවෙක් අත්අඩංගුවට !

15 හැවිරිදි පාසල් සිසුවියක් හා පාසල් සිසුන් 05 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 63 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් පේරාදෙණිය ඉහළ මුරුතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ප්‍රදේශවාසීන්ව ද බිය ගන්වමින් දරුවන් බලහත්කාරයෙන් අපයෝජනය කර ඇති බවද වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා.

මෙම පුද්ගලයාට එරෙහිව 15 හැවිරිදි දැරිය වෙනුවෙන් මීට පෙර ද පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය නීතිමය පියවරක් නොගෙන සැකකාර පුද්ගලයාට අවවාද කොට මුදාහැර ඇතැයි වාර්තා වෙන බවද අප වාර්තාකරු පවසනවා.

අපයෝජනයට ලක්වූ බව කියන පාසල් සිසුන් 05දෙනා අවුරුදු 12ත් 15ත් අතර වයසේ පසුවන බවත් ඔවුන් අතර එකම පවුලේ සහෝදයින් දෙදෙනෙකු ද සිටින බවත් විමර්ශන නිලධාරීන් පවසනවා.

පාසල් සිසුවිය හා සිසුන් පස් දෙනාව සැකකරු විසින් අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

විවාහක දෙදරු පියෙක් වන සැකකරු තවත් පිරිමි දරුවෙකු බලහත්කාරයෙන් ප්‍රදේශයේ ලදු කැලයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම දරුවා සැකකරුගේ අත සපා ඔහුගෙන් බේරී පැන ආ බවද සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි ලැබීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවින්දි වික්‍රමසිංහගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සිට කිරිබත්කුඹුර ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ බව කියන සිසුවිය හා සිසුන් පස් දෙනා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ සැකකරු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවට අද (02) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago