Local

“ග්‍රීන් කාඩ්” ලොතරැයි වැඩසටහන අද සිට – අයදුම් කරන්නේ මෙහෙමයි !

“ග්‍රීන් කාඩ්” ලොතරැයිය ලෙසින්ද හැඳින්වෙන 2026 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහන ආරම්භ කරන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

මෙම වැඩසටහන ඔක්තෝබර් 2 වන දින දහවල් 12.00 සිට (මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට ) මාර්ගගත ලියාපදිංචිය සඳහා විවෘතවන අතර 2024 නොවැම්බර් 5 (මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට ) දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

1990 සංක්‍රමණ පනත මගින් විවිධත්ව වීසා (DV) වැඩසටහන ස්ථාපිත කර ඇති අතර, 1995 මූල්‍ය වර්ෂයේ සිට වාර්ෂික ලොතරැයියකින් සංක්‍රමණ වීසා 55,000 ක් ලබා දෙන බව සඳහන්.

මෙම ලොතරැයිය මගින් අමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික ජනගහනය විවිධාංගීකරණය කිරීම අරමුණු කරන අතර බොහෝ දුරට අයදුම්කරුවන් තෝරා ගන්නේ, පසුගිය වසර පහ තුළ එක්සත් ජනපදයට අඩු සංක්‍රමණ අනුපාතය ඇති රටවල්වලින් බව සඳහන්.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ https://travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-submit-entry1.html ඔස්සේ එයට අයදුම් කළ හැකි බවයි.

මේ සඳහා අයඳුම් කරන ආකාරය පිළිබඳව දැනුවත් වෙන්න පිවිසෙන්න,

visa
Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago