Sports

19න් පහළ කාන්තා ක්‍රිකට් පොඩ්ඩොන්ට විශිෂ්ට ජයක් !

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවති එක්දින තරගයේ දී ලකුණු 55ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

නවසීලන්තයේ බ්‍රිස්බේන් නුවර පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 159ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 34 රැස්කළේ සුමුදු නිසන්සලායි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 35යි පන්දු දෙකකදී ලකුණු 104කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකිව තිබිණි.

එහිදී චමුදි ප්‍රබෝධා ලකුණු 24ට කඩුලු 4ක් සහ ලිමන්සා තිලකරත්න ලකුණු 31ට කඩුලු 3ක් දවාගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම නවසීලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම සමග තරග තුනකට සහභාගී වීමට නියමිතය.

තුෂරි සිංහාරමුදලිගේ

View Comments

  • නවසීලන්තෙත් බ්‍රිස්බේන් කියලා ටවුන් එකක් තියෙනවද?
    මම දැනන් හිටියේ ඒක තියෙන ඕස්ට්‍රේලියාවේ කියලා.

Recent Posts

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න !

2024 මහමැතිවරණයේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 24776 සමගි…

13 hours ago

පළමු ඡන්ද ප්‍රතිඵලය මෙන්න – ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය !

2024 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 32,296…

13 hours ago

මැතිවරණ රාජකාරිවල හිටපු පොලිස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් තිදෙනෙක් හදිසියේ මියයයි !

මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන්…

18 hours ago

පැය දෙකක් තිස්සේ වැරදි ඇඟිල්ල පාට කරලා – ඡන්ද දාකයකයන්ගෙන් දැඩි විරෝධයක් !

වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද…

18 hours ago

දඹානේ ආදිවාසී ප්‍රජාව ජන්ද​ය වර්ජනය කරති – රජයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලති!

දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ. මේ අතර තමන්ගේ…

19 hours ago

දුම්රිය ගමන්වාර 10ක් අවලංගුයි – හේතුව මෙන්න !

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය…

23 hours ago