Local

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද !

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ඔක්තෝබර් 8 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි.

ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද සිට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල සහ තෝරාගත් තවත් ස්ථාන කිහිපයකදී ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

තැපැල් ඡන්ද අයදුම්පත් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකි අතර කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන්ද බාගත කළ හැකි වේ.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එම අයදුම්පත් ඔක්තෝබර් 08 දින හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරිවරයා වෙත යොමුකළ යුතු බවය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago