Local

නිධන් හැරූ හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු 6ක් අත්අඩංගුවට !

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව මන්දාරම් නුවර පොලිසිය පවසනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස දිව ගිය සැරයන්වරයකු ලිස්සා වැටීමේදී ඔහු සන්තකයේ තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී සැකකරුට උණ්ඩයක් වැදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ සැකකරු මන්දාරම් නුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරස්සන, කැකිරාව, මාතලේ සහ මැණික් ඉන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

සැකකරුවන් නිදන් හැරීම සඳහා පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ දෙකක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.එක් සැකකරුවෙකුට වෙඩි වැදීම හේතුවෙන් එම ගිනි අවිය භාරව සිටි සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago