පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනනයේ නායකයාව අද (30) සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් මරණයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර තිබෙනවා.
මේ අතර තවත් පලස්තීන සන්නද්ධ කණ්ඩායමක නායකයින් තිදෙනෙක් ද ලෙබනනයේ බේරූට් නගරයට එල්ලකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
හමාස් සංවිධානය පවසා ඇත්තේ ඔවුන්ගේ ලෙබනන නායකයා වන ෆාටේ ෂෙරිෆ් අබු එල් අමීන්, ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය එහිදී මියගොස් ඇති බවයි.
ඔවුන් වාසය කර තිබුණේ ලෙබනනයේ ටය නම් නගරයේ පිහිටා තිබූ පලස්තීන සරණාගත කඳවුරක ස්ථාපනය කර තිබූ නිවසක ය.
එම ප්‍රහාරය අද උදෑසන එල්ලකර තිබුණා.
මේ අතර යේමනයේ හූති ඉලක්ක වෙත ද ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් සිව් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා විය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…