රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (30) පැවසුවා.
තමන් වෙනත් පුද්ගලයන්ට දුන්නා මිස කාගෙන්වත් ලබාගෙන නොමැති බව කී කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන විට ඇත්ත වශයෙන්ම සිය බැංකු ගිණුමේ සල්ලි නොතිබුණු බව ද සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ පාලන කළ වසර නවයේ විශ්‍රාම වැටුප ද නොලැබුණු බවත් සිය සේවක මණ්ඩලයේ වැටුප්, විදුලි සහ වතුර බිල් ගෙවන බවත් ඇය කීවා.
රජයෙන් දුන් නිවස සහ වාහන හතරක් මේ වන විට පාවිච්චි කරන බවත් ජීප් එක සහ කාර් එකක් ගමන් සඳහා ද, ආරක්ෂාවට වාහන දෙකක් යොදාගෙන ඇති බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩි දුරටත් පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…