Local

නොමිලේ සත්වෝද්‍යාන නැරඹීමට අවස්ථාවක් !

වයස අවුරුදු 12ට අඩු සියලු ළමුන්ට ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩසටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනුෂිකා මානවඩු පවසනවා.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය, රිදීගම සෆාරි උද්‍යානයන් සඳහා මෙසේ නොමිලේ ඇතුලුවීමට පහසුකම් සලසා දී ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී සඳහන් කළේ.

රිදීගම සෆාරි උද්‍යානයේ මැයි මස උපත ලද සිංහ පැටව් තිදෙනා මහජන ප්‍රදර්ශනයට එක් කිරීමට සහ නම් තැබීමේ උළෙල ද එදින පින්නවල සත්ව උද්‍යානයේ සිදු කෙරෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago