Uncategorized

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවිය යුතු අවසන් දිනය දැනුම් දෙයි !

ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාද වීම් සිදු කරන්නේ නම් නීති ප්‍රකාරව දණ්ඩනයකට හා පොලියකට යටත් කිරීමක් සිදුකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා සිටියා.

එමෙන්ම කිසියම් තැනැත්තෙකු විසින් ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු පවතින්නේ නම් ඒ සියල්ල ද ඔක්තොබර් මස 30වන දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු ව තිබේ.

එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතින්නේ නම් ඒවා අයකර ගැනීම සදහා දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1944 දුරකතන අංකය ඔස්සේ අවස්ථාව සලසා ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

2 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

2 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago