මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වනවා.
මෙම අයදුම්පත් භාර ගැනීම ලබන 8 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන ලද ඡන්ද හිමි නාම ලේඛනය මහ මැතිවරණය වෙනුවෙන්ද වලංගු බැවින් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී. රත්නායක මහතා පැවසුවා.
පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කළ සියළුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් ස්වකීය තැපැල් චන්ද අයඳුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලුම අයදුම්කරුවන් ලබන අටවන දාට පෙර අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී වෙත ලැබී තිබිය යුතු බවත් සියලූම ආයතන ප්‍රධානීන් සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත දන්වා සිටින බවත් රත්නායක මහතා තවදුරටත් පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…