Political

ජනපතිගේ පොහොර සහ ඉන්ධන සහනාධාරයට මැතිවරණ කොමිසම නැවතත් හරස් වෙයි !

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගොවීන් සහ ධීවරයන් සඳහා ලබා දීමට උපදෙස් දුන් පොහොර හා ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් සහනාධාර ලබා දීමට දීමේදී අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව අදාළ ප්‍රතිපත්තිමය තීන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ගොවීන් සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් හා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුනා.

මෙම සහනාධාර ලබා දීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර මෙම යෝජනාවන් දෙකම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය අතරතුර පෙරාතුවට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබූ නමුත් එවරද මැතිවරණ කොමිසම විසින් එය අත්හිටුවිය.  

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago