ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාල් කර ඇති රජයේ වාහන, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසනවා.
එමෙන් ම ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සියලු වාහන ගාල් කිරීමට ඉඩකඩ නොමැති නිසා බවත් කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවත් ජනාධිපති කාර්යාලය දැනුම්දී තිබෙනවා.
ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දී ඇති වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර තිබෙන බවයි.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබූ රථ වාහන නොවන බවත් එම වාහන හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලය තුළ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබූ වාහන බවයි ජනාධිපති කාර්යාලය පෙන්වාදෙන්නේ.
එසේම මෙලෙස බාරදෙන ලද වාහනවල සම්පූර්ණ ලැයිස්තුවක් ද මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…