Local

එක්සත් ජාතික පක්ෂයේ සෝදා යාම ආරම්භ වෙයි – රුවන් විජේවර්ධන ඇතුළු කණ්ඩායමක් සජබයට එක්වීමේ සූදානමක් !

රුවන් විජේවර්ධන, නවීන් දිසානායක ඇතුළු කණ්ඩායමක් සමගි ජන බලවේගය හා එක්වීමට මේ වනවිට සාකච්ඡාකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරනවා.

එක්සත් ජාතික පක්ෂ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක මහේෂ් සේනානායක සජිත් ප්‍රේමදාස සමග එක්වීමෙන් එළියට පැමිණියේ පක්ෂය තුළ හටගෙන ඇති අස්ථාවර තත්ත්වය ප්‍රකාශ වීමක් බවත්, එජාප ප්‍රබලයින් ගණනාවක්ම පක්ෂය හැරගොස් සජිත් ප්‍රේමදාස සමග එක්වීමට සැලසුම් කරමින් ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

එක්සත් ජාතික පක්ෂයේ මේ සෝදා යෑම ආරම්භ වී ඇත්තේ සජිත් රනිල් එකතුවක් සම්බන්ධව කිසිම ආකාරයක බලාපොරොත්තුයන් නොවන පසුබිමකය.

තමන්ට අගමැති අපේක්ෂක ධූරය පමණක් නොව, ගොඩනැගෙන නව සන්ධානයේ නායකත්වය අවශ්‍ය බවත්, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් විය යුතු බවත්, ගොඩනැගෙන සන්ධානයේ මහ ලේකම් පත් කිරීමේ බලය ද තමන්ට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරීමත් සමග සජිත් රනිල් එකතුවීම කිසිසේත්ම නොවන සිද්ධියක් බවට පත් වී ඇතැයි තහවුරු වී ඇත.

රනිල් පාර්ශවයෙන් ඊලඟ දේශපාලන පියවර කුමක්ද යන්න තෝරණ සාකච්ඡා මේ වනවිටත් පොහොට්ටුවෙන් ගිලිහුණු කණ්ඩායම සහ වෙනත් දේශපාලන කණ්ඩායම් සමග පැවැත්වෙමින් ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago