රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවත් ඉන් වැඩිම ප්‍රමාණයක් පිළිබඳ අතුරුදහන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන බවත් ජාතික විගණන කාර්යාලය අනාවරණ කරනවා.
රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පැවසුවේ, වාහන අතුරුදන් හෝ අස්ථානගත වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවය.
ජාතික විගණන කාර්යාලයට තොරතුරු වාර්තා වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව අධ්‍යාපන, තැපැල්, වාරිමාර්ග සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට අයත් වාහන පිළිබඳව නිසි තොරතුරු නොමැති බවය.
මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය සිදුකරන බවය..
මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවද ඔහු පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…