Local

නව ජනපති සමඟ සාකච්ඡා කිරීමට IMF නියෝජිතයින් ලංකාවට එනවා !

ශ්‍රී ලංකාවේ නව දේශපාලන නායකත්වය සමග සාකච්ඡා ආරම්භ කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් ලබන ඔක්තෝබර් 2 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන ප්‍රධානී ජුලී කොසැක් පවසන පරිදි, ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අරමුදලේ තුන්වන සමාලෝචනය, අලුතින් තේරී පත් වූ රජය සමඟ සම්බන්ධ වීමට නියමිත කාලසටහන සමඟ ඔක්තෝබර් මැද භාගයේදී සැලසුම් කර ඇත.

සිය පළමු රූපවාහිනී දේශනයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම කැපවීම අවධාරනය කලේ, රටේ බරපතලම ආර්ථික අර්බුදයකින් රට සම්පූර්ණයෙන් ගොඩගැනීම සඳහා මෙම සාකච්ඡා වල වැදගත්කම අවධාරනය කරමිනි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago