ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනයේ ඒ බව සඳහන්.
- ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 8.25%
- ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 9.25%
- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) – 2.00%