Local

පළමු දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට හිමි කරදෙමින් චන්දිමාල්ගෙන් අනර්ඝ ශතකයක් !

දිනේෂ් චන්දිමාල්ගේ අනර්ඝ ශතකය හා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නොදැවුණු අර්ධ ශතකය හමුවේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(26) නිමා වුණේ දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 306 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 78 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 85 ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක එක් ලකුණක් ලබා සිටියදී පළමු පන්දුවාරයෙන්ම දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේයි. අනතුරුව දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. දිමුත් ලකුණු 46 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago