නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිෆෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අළුයම අනතුරට ලක්ව තිබෙනවා.
එම ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වැලිකඩ පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් එච්. එස්. එස්. තුයිය කොස්තා මහතා එම රථයේ සිට නැහැ. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ එහි රියදුරුවන යුද හමුදා සෙබළා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමාත්‍යාංශයේ සිට ආරක්ෂක ලේකම්වරයාව රැගෙන ඒම සඳහා කියැහැම් හන්දියේ සිට පොල්දූව දෙසට ඩිෆෙන්ඩර් රථය ධාවනය වෙමින් තිබියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම වම් පස දියවන්නා වගුරු බිමට පෙරළී මෙම අනතුරු සිදුව තිබෙනවා.
වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
අනතුරින් රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති අතර ඩිෆෙන්ඩර් රථයට බරපතල අලාභ සිදුව තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…