News

පළමු ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට !

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ අනුව, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

අද දිනය සඳහා තරග ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියා.

ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුව තිබුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර අජාස්පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියා.

තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් අද දිනය ආරම්භ වූ අතර, දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 211ක් රැස්කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 340ක් රැස්කළා.

අද දිනයේදී තරගය ක්‍රියාත්මක වුණේ විනාඩි 15ක් පමණක් වීම විශේෂත්වයක්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 305ක් රැස්කළ අතර දෙවන ඉනිමට ලකුණු 309ක් රැස්කරගෙන සිටියා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරීය නවසීලන්ත දෙවන ඉනිමේ ලකුණු 68ට කඩුලු 5ක් දවාගත් අතර ඔහු සමස්ත තරගයේදී කඩුුලු 9ක් දවාගත්තා.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 83ට නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලු තුනක් දවාගත් අතර ඔහු දවාගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 6ක්.

ඒ අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව තරග 1 ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමිකර ගත්තා.

තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරත්තේ ප්‍රභාත් ජයසූරියයි.

Team CNF

Recent Posts

සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා ඩිජිටල්කරණයේ නවමු පරිවර්තනයකට Bethel සමඟ අත්වැල් බැඳගැනීමට ශ්‍රී ලංකා රජයට ආරාධනා !

ශ්‍රී ලංකාව විසින් ඩිජිටල් තාක්ශණය භාවිතා කිරීම මේ වනවිට වඩා​ත් වේගවත් කර ඇති නිසා ආරක්ෂිත…

12 hours ago

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්දානන්ද දේශපාලනයෙන් සමු ගනියි (VIDEO)

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම්…

12 hours ago

මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා කවු​ද?

2024 මහ මැතිවරණ කටයුතු මේ වන විට අවසන් වී තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය දැන්…

15 hours ago

මෙව​ර මහ මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව දුන් පණිවුඩය කුමක් ද?

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල නිකුත් කර අවසන් වී තිබේ.මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ…

17 hours ago

හරිනි​ගේ වැඩිම මනාප වාර්තාව පැය කීපයකින් විජිත හේරත් බිඳ දමයි – ලංකා ඉතිහාසයේ මැතිවරණයක අපේක්ෂකයෙකු වැඩිම මනාප ගත් ගම්පහ ලැයිස්තුව මෙන්න!

මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

1 day ago

කුරුණෑගලින් පාර්ලිමේන්තු යන අය මෙන්න!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

1 day ago