ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේ​රී පත්වෙයි !

1.7k Views
1 Min Read

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර තේරී පත්වුණු අතර, දෙවන මනාප ගණනයේ දී සජිත් ප්‍රේමදාස මහ​තා වැඩි මනාප ප්‍රමාණයක් ලැබූව​ද, ප්‍රතිශතයක් ලෙස සමස්ත ජන්ද ප්‍රමාණයක් හිමිවූ අපේක්ෂකයා ලෙස අනුර කුමාර මහතා ජයග්‍රහණය කරනු ලැබූහ.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට දෙවන මනාපය ගණන් කිරීම මෙම මැතිවරණයේදී සිදුවිය.

අනුර කුමාර මහතා හෙට (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූර​යේ දිවුරුම් දීමට නියමිතයි.

ඒ අනු​ව 2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.

දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි.

රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.

පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.

ඒ අනුව නොබෝ වේලාවකින් දෙවැනි මනාප ගණනය කිරීමෙන් අනතුරුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ අතර එක් එක් අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහතින් දැක්වෙයි.

සම්පූර්ණ ජන්ද ප්‍රතිඵල මෙතනි​න්

Share This Article
Leave a comment