Local

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය තාවකාලිකව අත්හිටුවයි !

නිමාවට පත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි ඇය අවධාරණය කළේ.

ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන බව ද තිලකා ජයසුන්දර මහත්මිය කියා සිටියා.

“අපි පහ වසර ශිෂ්‍යත්ව විභාගය තියන්නේ, දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන්නට. අද මේ විභාගය තරගකාරි විභාගයක් බවට පත් වෙලා තියෙනවා. මේ විභාගය තුළ මෙවැනි සිද්ධියක් සිදු වුණා නම් අපේ කුඩා දරුවෝ තමයි බරපතළ පීඩාවට ලක්වෙලා තියෙන්නේ.

ඒක නිසා අපි අමාත්‍යංශය විදිහට මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා දෙමාපියන්ට කලබල නොවී දරුවන්ගේ මානසිකත්වය නිරවුල්ව තියන්නට කියලා.

මේ දරුවන්ට මේ අසාධාරණය සිදු කරන්න යම් පිරිසක් මැදිහත්වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.

ඒ වගේම විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලු පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලැබිලා අපි තීරණයක් ගන්නා තෙක්. එතෙක් ප්‍රතිඵල නිකුත් කරන්න අවශ්‍ය සමීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. ඒකත් අපි තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු.”

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago