Local

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දයට නිවාඩු ලබාදීම අනිවාර්යයි – නිවාඩු ලබාදිය යුත්තේ මෙහෙමයි !

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.

ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ටත් පහත පරිදි ඒ ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබාදීම අවශ්‍යය වේ.

  • කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්
  • කිලෝමීටර් 40ත් – 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්
  • කිලෝමීටර් 100ත් – 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්
  • කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්

එහෙත් තමන්ගේ සේවා ස්ථානය බොහෝදුර බැහැර ස්ථානගත වී ඇති සමහර ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දින තුනක් ගතවෙනවා නම්, ඒ සඳහා ගතවන දින තුනක නිවාඩුව ද ලබාදීමට ආයතන කටයුතු කළ යුතු බව ද මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය.

රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩලවල හා ශිෂ්‍යයින්ගෙන් හා ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු සියලුම පෞද්ගලික සේවා ස්ථානවල සේවකයින්ට ඉහත පරිදි ඡන්දයට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස සියලු ආයතනවලින් මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් ඉල්ලීමක් සිදුකළේය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago