Local

ආහාර විෂවීමකින් 500ක් රෝහලේ !

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසනවා.

අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉඩකඩ මදි හෙයින් තවත් පිරිසක් බස් රථවලින් හා ගිලන් රථ මගින් අත්තනකඩවල රෝහලට රැගෙන යාමට කටයුතු කළ ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කර ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවද බකමූණ හා අත්තනකඩවල රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago